සත්ත්වයා සහ මිනිසා අතර කිසියම් වෙනසක් පවතින බව අපි පිළිගනිමු. ප්‍රකාශන ශක්තිය සහ නිෂ්පාදන හැකියාවක් සහිත ජීවීන් කොට්ඨාසයක් වශයෙන් මිනිසාට ප්රමුඛ ස්ථානයක් හිමි වෙයි. ජෙෙවීය ක්රියාවලියෙහි ස්වභාවය ඒකීය විය හැකි වුවත් ප්‍රකාශන ශක්තිය සහ නිෂ්පාදන හැකියාව මිනිසාට පමණක් සුවිශේෂී වූවකි. ප්‍රකාශන ශක්තිය වුව ද සියලු සත්ත්වයන් වෙත පොදු වූවක් යැයි පෙණුනත් භාෂාවක් මගින් යමක් ප්‍රකාශ කිරීමේ හැකියාව මිනිසා සතු වෙයි. මෙය සරල සංසිද්ධියක් වුවත් ඒ තුළ පවතින සංකීර්ණ ක්‍රියාදාමය සමාජයක් තුළ කෙන්ද්‍රගත වී තිබේ. නිෂ්පාදන හැකියාව නිශ්චිත වශයෙන් ම පුද්ගලයාට පමණක් සීමා වූවකි. මාකස් වුවත් තම ඒෙතිහාසික භෞතිකවාදය ගොඩ නගනු ලබන්නේ පුද්ගලයාගේ නිෂ්පාදන හැකියාව මූලික කොට ෙගන ය.
නිෂ්පාදන හැකියාව නිත්‍ය වශයෙන් ම නෙෙසර්ගික වූවක් නොවේ. නිෂ්පාදන හැකියාව පිළිබද මූලික ව්‍යුහයන් පිළිබද අාකෘතිය විග්රහ කළ යුතු වන්නේ ඒ බැවින් ය. අාහාර අවශ්‍යතාව අතිශය ස්වාභාවික දෙයක් වුවත් ඒකී තත්ත්වයන් තෘප්ත කරන්නේ කෙසේ ද යන්න පුද්ගලයා ගේ නිර්මාණාත්මක හැකියාව මත රදා පවති යි.
0 Comments
|